සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස විරුදාවලිය ලැබූ අති විශිෂ්ට රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (මැයි 24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට 78

මිතුරන් සමග බෙදාගන්න

හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස විරුදාවලිය ලැබූ අති විශිෂ්ට රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (මැයි 24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට 78 වන වියේ පසුවිය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස සදහටම දෙනෙත් පියා ඇත.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සිනමාවට අමිල මෙහෙවරක් කළ මාලනී ෆොන්සේකා මහත්මිය චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇයගේ විශිෂ්ට රංගනයන් තුළින් ලාංකේය සිනමා ඉතිහාසයට අමරණීය මතකයන් එක් කළ අතර, ඇය මෙරට සිනමා රසිකයින්ගේ හදවත් තුළ සදා නොමැකෙන චරිතයක් ලෙස රැඳී සිටිනු ඇත.

ඇයගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයටම මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවට ද මහත් පාඩුවකි. ඇයට අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

වෙනත් පුවත්

උණුසුම් පුවත්