සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

හෝමාගම, පැලැන්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි ජල සැපයුම සීමා කිරීමට

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි ජල සැපයුම සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. පෝෂක ජලාශ වන ලබුගම සහ කලටුවාව ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ජල නිෂ්පාදනය සීමා කිරීමට සිදුවීම මෙයට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව, ජල කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව ක්‍රියාත්මක වන කාලසටහන පහත පරිදි වේ:

හෝමාගම සහ ඒ අවට (කලාප අංක 01): අද (06) පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇත.

පැලැන්වත්ත සහ අවට ප්‍රදේශ: අද (06) රාත්‍රී 08.00 සිට හෙට (07) පෙරවරු 08.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම නතර කෙරේ.

පාදුක්ක සහ අවට ප්‍රදේශ: අද උදෑසන 08.00 වන විට එම ප්‍රදේශවල ක්‍රියාත්මක වූ ජල කප්පාදුව අවසන් කර ජල සැපයුම යථා තත්ත්වයට පත් කර තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලය අවධාරණය කරන්නේ පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර, පිරිපහදු මධ්‍යස්ථානවල ධාරිතාව පවත්වා ගැනීම සඳහා මෙලෙස වරින් වර ජල සැපයුම සීමා කිරීමට සිදුවන බවයි.

එබැවින්, ජල සැපයුම පවතින වේලාවන්හිදී අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් පරිදි ජලය රැස් කර තබා ගන්නා ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්