දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (10) පස්වරුවේ වැසි සහිත කාලගුණයක් පවතින බවත්, තවත් ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද අලුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේ ක්‍රියාවලිය මත පදනම්ව, අද දහවල් 12:11ට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වනු ඇත. එම ප්‍රදේශ මෙසේය:
-
නාගවිල්ලුව
-
ගල්ගමුව
-
සීගිරිය
-
පලුගස්දමන
-
මාන්කර්නි