සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වැඩ වර්ජනයක

සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (අගෝස්තු 17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, අද

මිතුරන් සමග බෙදාගන්න

සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (අගෝස්තු 17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, අද පස්වරු 4:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ද වැඩවර්ජනයක නිරත වන බවයි.

අතිකාල ගැටලු, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුළු ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා.

මෙම වැඩවර්ජනය ආරම්භ වන්නේ, අද සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමක වීම විශේෂයි. මේ අතර, තැපැල් සේවකයින් ඊයේ (අගෝස්තු 16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වුණා.

මෙම තත්ත්වය හේතුවෙන් තැපැල් සේවා භාවිත කරන්නන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Report: ටානිය වෙලගෙදර

වෙනත් පුවත්

උණුසුම් පුවත්