දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (20) පස්වරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව මෙලෙස තැනින් තැන වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
පවතින කාලගුණික තත්ත්වය අනුව අලුයම් කාලයේදී දිස්ත්‍රික්ක කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකිය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට අමතරව ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල රියදුරන් සහ මඟීන් මීදුම් සහිත තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම අනතුරු අවම කර ගැනීම සඳහා පහත සඳහන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි:
-
එළිමහන් ස්ථානවල සහ උස් ගස් යට රැඳී සිටීමෙන් වළකින්න.
-
විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න.
-
අකුණු සන්නායක පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක දැයි පරීක්ෂා කර බලන්න.