අද (සැප්තැම්බර් 01) සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, මෙම නව නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම පියවර මගින් අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.