සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

අප්‍රේල් සිට අහ්මදාබාද් සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් නුවර සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් නුවර සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

මෙම නව ගුවන් සේවය එළඹෙන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

ගුජරාට් ප්‍රාන්තයේ පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට මෙමගින් සෘජු සහ පහසු ප්‍රවේශයක් හිමි වේ.

ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයක් වන අහ්මදාබාද් සිට වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට මෙහිදී අපේක්ෂා කෙරේ.ශ්‍රී ලංකාව සහ ගුජරාට් ප්‍රාන්තය අතර පවතින සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුවන් රණසිංහ මහතා සඳහන් කළේ,

“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට අහ්මදාබාද් සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්න. මේ හරහා ශ්‍රී ලංකාවේ බැතිමතුන්ටත් ගුජරාට් ප්‍රාන්තයේ වන්දනාමාන කටයුතු සඳහා පහසුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙනවා.”

මෙම නව ගුවන් සේවයත් සමඟ ඉදිරි උත්සව සමයේදී ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් සිදුවනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්