සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ද ? නැද්ද ?

අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න

මිතුරන් සමග බෙදාගන්න

අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සිකුරාදා දිනයත් මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් අදාළ සතිය තුළ වැඩකිරීමට ඇත්තේ දින තුනක පමණ කාලයක් වන නිසාවෙන් තවමත් එම දිනය ගැන නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් “අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කෙරේ” යන මාතෘකාව සහිත ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

2025 අප්‍රේල් 15 දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති අතර, මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්