අඹතලේ ප්‍රධාන නළයක හදිසි පිපිරීමක්

අඹතලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට කොළොන්නාව දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගයක (Main Transmission Pipeline) සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (05) දිනයේ ප්‍රදේශ

මිතුරන් සමග බෙදාගන්න

අඹතලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට කොළොන්නාව දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගයක (Main Transmission Pipeline) සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (05) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

නළ මාර්ගයේ හටගත් මෙම හදිසි පිපිරීමත් සමඟ අලුත්වැඩියා කටයුතු වහාම ආරම්භ කර ඇති අතර, අද රාත්‍රී 08.00 දක්වා ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.

ජල මණ්ඩලයට අනුව මෙම හදිසි නළ බිඳවැටීම හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවලට සහ නගර සභා බලප්‍රදේශවලට ජල සැපයුම අඩාල වේ,

රාජගිරිය සහ මොරගස්මුල්ල, නාවල කලාපය, ඔබේසේකරපුර ප්‍රදේශය, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය සහ ඊට අනුබද්ධිත සියලුම උපාංග මාර්ග

ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින්, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ඉහත සඳහන් කළ ප්‍රදේශවල වෙසෙන පොදු මහජනතාව, ව්‍යාපාරික ස්ථාන සහ ආයතන තමන්ට අවශ්‍ය ජලය කලින්ම රැස්කර තබාගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටියි.

හදිසි නඩත්තු කටයුතු නිමවූ සැනින්, නියමිත වේලාවට පෙර වුවද ජල සැපයුම නැවත ලබාදීමට කටයුතු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්