සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයේ ගතවූ පැය 48 තුළ කොළඹ ජාතික රෝහලට වාර්තා වූ රිය අනතුරු සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති

මිතුරන් සමග බෙදාගන්න

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයේ ගතවූ පැය 48 තුළ කොළඹ ජාතික රෝහලට වාර්තා වූ රිය අනතුරු සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අප්‍රේල් 13 සහ 14 යන දින දෙක තුළ පමණක් මාරක රිය අනතුරු 36ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උත්සව සමයේ මාර්ග නීති උල්ලංඝනය කිරීම සහ නොසෑහීමෙන් රිය පැදවීම මෙම අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

කොළඹ ජාතික රෝහල ලබාදුන් දත්තයන්ට අනුව අනතුරු වාර්තා වී ඇත්තේ මෙසේය,

අප්‍රේල් 13 වනදා: මාර්ග අනතුරු 19ක්.

අප්‍රේල් 14 (අවුරුදු දින): මාරක රිය අනතුරු 17ක්.

රිය අනතුරුවලට අමතරව, නිවෙස් සහ ප්‍රජාව තුළ ඇති වූ විවිධ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කිරීමේ වර්ධනයක් ද දක්නට ලැබුණි. ගතවූ දින දෙක තුළ වාර්තා වී ඇති මුළු ගැටුම් සංඛ්‍යාව 35කි.

එම දත්ත සාරාංශය පහත පරිදි වේ,

අප්‍රේල් 13 වනදා: ගැටුම් 14ක්.

අප්‍රේල් 14 සහ 15 (අද) පෙරවරුව වන විට: ගැටුම් 21ක්.

උත්සව සමයේදී මත්පැන් පානය කර රිය පැදවීමෙන් සහ අනවශ්‍ය ලෙස පුද්ගලික ආරවුල් ඇති කර ගැනීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ඉදිරි දින කිහිපය තුළ නෑගම් යාම සහ විනෝද චාරිකා බහුල වන බැවින්, වඩාත් ඉවසීමෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීමේ වැදගත්කම රෝහල් ප්‍රකාශකයෙකු අවධාරණය කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්