සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

අහමදාබාද් නුවර ගුවන් අනතුරින් කිසිවෙකු දිවි ගලවාගෙන නැහැ

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවරදී අද (ජූනි 12) සිදුවූ දරුණු ගුවන් අනතුරෙන් කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ලන්ඩන් බලා පියාසර කරමින්

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවරදී අද (ජූනි 12) සිදුවූ දරුණු ගුවන් අනතුරෙන් කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්ඩියා ගුවන් සමාගමට අයත් මෙම යානය (AI 171) තුළ අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 242 දෙනෙකු සිටි බව france24.com වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මීට පෙර ඉන්දීය මාධ්‍ය 171 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා කර තිබුණද, ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පැවසුවේ ජීවතුන් අතර කිසිදු අයෙකු සිටින ආකාරයක් දැකිය නොහැකි බවත්, සියලු දෙනාම දරුණු පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බවත්ය.

ගුවන් යානයේ සිටි මගීන් අතර ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්ඩියා ගුවන් සේවය තහවුරු කළා.

මෙම බිහිසුණු ගුවන් අනතුර සිදුවූයේ ගුජරාට් හි පිහිටි සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයක් (BJ Medical College hostel) මතට කඩා වැටීමෙනි. එම අනතුරෙන් නේවාසිකාගාරයේ සිටි වෛද්‍ය සිසුන් පස්දෙනෙකු ද මියගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙය සිදුවී ඇත්තේ සිසුන් දිවා ආහාරය ගනිමින් සිටි අවස්ථාවක බවටද වාර්තා පළවී තිබෙනවා.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ දෙනා තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. අනතුරට හේතුව පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්