ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවරදී අද (ජූනි 12) සිදුවූ දරුණු ගුවන් අනතුරෙන් කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්ඩියා ගුවන් සමාගමට අයත් මෙම යානය (AI 171) තුළ අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 242 දෙනෙකු සිටි බව france24.com වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මීට පෙර ඉන්දීය මාධ්‍ය 171 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා කර තිබුණද, ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පැවසුවේ ජීවතුන් අතර කිසිදු අයෙකු සිටින ආකාරයක් දැකිය නොහැකි බවත්, සියලු දෙනාම දරුණු පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බවත්ය.
ගුවන් යානයේ සිටි මගීන් අතර ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්ඩියා ගුවන් සේවය තහවුරු කළා.
මෙම බිහිසුණු ගුවන් අනතුර සිදුවූයේ ගුජරාට් හි පිහිටි සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයක් (BJ Medical College hostel) මතට කඩා වැටීමෙනි. එම අනතුරෙන් නේවාසිකාගාරයේ සිටි වෛද්‍ය සිසුන් පස්දෙනෙකු ද මියගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙය සිදුවී ඇත්තේ සිසුන් දිවා ආහාරය ගනිමින් සිටි අවස්ථාවක බවටද වාර්තා පළවී තිබෙනවා.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ දෙනා තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. අනතුරට හේතුව පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.