සිරස්තල
ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා මැදපෙරදිග උණුසුම නිවෙද්දී ලෝක බොරතෙල් මිලත් පහත වැටෙයි ඇමරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටි ජීවිතක්ෂයට රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් හෙට අත්සන් තැබීමට තිබූ ඉස්ලාමාබාද් සාම සංදේශය කල් යයි ඩෙංගු මරණ 23ක් සමඟ කොළඹ දිස්ත්‍රික්කය අධි අවදානම් කලාපයක් වෙයි

ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7 ක් ලෙස සටහන් වී ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,751.8 ක් විය. ඒ අනුව මෙවර ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3 කින් පහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සුළු වර්ධනයක් පෙන්වමින් ඩොලර් මිලියන 4,315.6 සිට ඩොලර් මිලියන 4,534.9 දක්වා වැඩි වී ඇත.

එහෙත් එම කාලය තුළ මෙරට ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2025 වසරේ ඩොලර් මිලියන 6,572.9 ක් වූ ආනයන වියදම 2026 වසරේදී ඩොලර් මිලියන 8,227.9 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 25.2 ක කැපී පෙනෙන වර්ධනයකි. එහිදී පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 32.8 කින්ද, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 24.1 කින්ද, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 19.8 කින්ද ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

මෙලෙස අපනයන වර්ධනයට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් 2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා බාරදූර ලෙස පුළුල් වී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්