සිරස්තල
මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

ඇල්ල බස් අනතුර: තංගල්ල නගර සභා සේවකයන් 15ක් මරුට, 18ක් රෝහලේ

තංගල්ල නගර සභාවේ සේවකයින් රැගත් බස් රථයක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

තංගල්ල නගර සභාවේ සේවකයින් රැගත් බස් රථයක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වේ.

සැප්තැම්බර් 4 වැනිදා රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීය. බස් රථය මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලීසිය පවසයි.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් ගොස් යළි තංගල්ල බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුරින් මියගිය පුද්ගලයන් 15 දෙනා අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 6 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ 18 දෙනා අතරට පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු, කාන්තාවන් 7 දෙනෙකු සහ ළමුන් 5 දෙනෙකු අයත් වේ. ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.

අනතුරට හේතුව ලෙස පොලීසිය පෙන්වා දෙන්නේ බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් පාලනයෙන් තොරව ප්‍රපාතයට පෙරළීමයි. අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

බස් රථය අනතුරට පත් වූ ස්ථානයේ පැවති දැඩි බෑවුම් සහිත තත්ත්වය හේතුවෙන් පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 30කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්