සිරස්තල
ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි

ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා QR ක්‍රමවේදයට අමතරව වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (19) සිට යළි ක්‍රියාත්මක කරන

මිතුරන් සමග බෙදාගන්න

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා QR ක්‍රමවේදයට අමතරව වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (19) සිට යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. මෙම නව තීරණය අනුව වාහන හිමියන් ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු ආකාරය මෙසේය,

ඔත්තේ දිනවල (1, 3, 5, 7, 9…): වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඔත්තේ සංඛ්‍යාවක් (1, 3, 5, 7, 9) වන වාහන සඳහා.

ඉරට්ටේ දිනවල (2, 4, 6, 8, 0…): වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම බිංදුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් (2, 4, 6, 8, 0) වන වාහන සඳහා.

අද (19) ඔත්තේ දිනයක් බැවින්, අංක තහඩුවේ අවසානයට ඔත්තේ ඉලක්කම් සහිත වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කෙරේ. කෙසේ වෙතත්, මෙතෙක් QR පද්ධතිය හරහා කිසිදු ඉන්ධන කෝටාවක් ලබා නොගත් පුද්ගලයින්ට මෙම ඔත්තේ-ඉරට්ටේ සීමාවෙන් බැහැරව අද දිනයේ ඉන්ධන ලබාගත හැකි බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඉන්ධන ලබාගැනීමේදී වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් ලේඛනවලින් එකක් ළඟ තබා ගැනීම අනිවාර්ය බවයි.

වාහන ආදායම් බලපත්‍රය

ලියාපදිංචි සහතිකය (පොත)

රක්ෂණ සහතිකය හෝ දුම් පරීක්ෂණ වාර්තාව

පසුගිය කාලසීමාවේ අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රසම්පාදන ගැටලු හේතුවෙන් ඇතැම් වාහන හිමියන් අවධිමත් අංක තහඩු භාවිත කරන බැවින්, වංචනික ලෙස ඉන්ධන ලබාගැනීම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇත.

ඊයේ (18) රාත්‍රියේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැබුණු අතර, නියමිත QR සහ ඔත්තේ-ඉරට්ටේ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රජය අවධාරණය කරයි.

පිරිමසා බැලීම් හෝ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබා දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇත.

0112 106 767

0117 296 130

වෙනත් පුවත්

උණුසුම් පුවත්