සිරස්තල
ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා මැදපෙරදිග උණුසුම නිවෙද්දී ලෝක බොරතෙල් මිලත් පහත වැටෙයි ඇමරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටි ජීවිතක්ෂයට රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ඉන්ධන මිල අඩු වුනාට ත්‍රිවිල් ගාස්තුවේ අඩුවක් නැහැ

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති, ලලිත්

මිතුරන් සමග බෙදාගන්න

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, ලලිත් ධර්මසේකර අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවය.

“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ.

මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රු 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්