සිරස්තල
නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටෙයි ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළට, තීරණය අද (23) මට්ටක්කුලියේ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ අත්අඩංගුවට බස් ගාස්තුව 10%කින් ඉහළට? තීරණාත්මක කැබිනට් පත්‍රිකාව අද (23) රජයට ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක්

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළට, තීරණය අද (23)

පවතින ඉන්ධන අර්බුදය සහ මිල ඉහළ යාම හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද (23) ප්‍රකාශයට පත් කරන බව

මිතුරන් සමග බෙදාගන්න

පවතින ඉන්ධන අර්බුදය සහ මිල ඉහළ යාම හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද (23) ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම බේකරි ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ සිට පාරිභෝගිකයා වෙත බෙදාහැරීම දක්වා වූ සම්පූර්ණ දාමයටම ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක් වීම නිසා පිරිවැය ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

බේකරි නිෂ්පාදකයන් මුහුණ දී ඇති මෙම මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් මත පළ කරති. අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල නව මිල ගණන් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්