සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ, අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආපනශාලා ආහාර මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත

මිතුරන් සමග බෙදාගන්න

ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ, අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආපනශාලා ආහාර මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ පිරිවැය ඉහළ යාම හමුවේ මෙම තීරණය ගත් බවයි. ඒ අනුව සංශෝධනය වන නව මිල ගණන් පහත පරිදි වේ:

බත් සහ කොත්තු: රුපියල් 25 කින්

කිරි තේ කෝප්පයක්: රුපියල් 10 කින්

කෙටි කෑම (Short-eats): රුපියල් 10 කින්

සාමාන්‍ය තේ කෝප්පයක්: රුපියල් 5 කින්

කෙසේ වෙතත්, බේකරි නිෂ්පාදන මිල දැනට සංශෝධනය නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කරන ලදී. ඒ අනුව නව මිල ගණන් මෙසේය:

කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරය: රු. 3,990 (රු. 300 කින් ඉහළට)

කි.ග්‍රෑ. 5 සිලින්ඩරය: රු. 1,602 (රු. 120 කින් ඉහළට)

කි.ග්‍රෑ. 2.3 සිලින්ඩරය: රු. 750 (රු. 56 කින් ඉහළට)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco), IOC සහ සයිනොපෙක් යන සියලුම සමාගම් පසුගිය 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඉන්ධන වර්ගය පැරණි මිල නව මිල වැඩිවීම
ඔක්ටේන් 92 පෙට්‍රල් රු. 293 රු. 317 රු. 24
ඔක්ටේන් 95 පෙට්‍රල් රු. 340 රු. 365 රු. 25
සුදු ඩීසල් රු. 281 රු. 303 රු. 22
සුපිරි ඩීසල් රු. 329 රු. 353 රු. 24
භූමිතෙල් රු. 182 රු. 195 රු. 13

වෙනත් පුවත්

උණුසුම් පුවත්