සිරස්තල
ධීවර ප්‍රජාවට සහනයක්, ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය හිමිවෙයි පාර්ලිමේන්තුව අද රැස්වෙයි, දේශීය ආදායම් සහ බදු සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට මාරක රිය අනතුරු ව්‍යසනයක් දක්වා ඉහළට, මේ වසරේ ගතවූ කාලය තුළ මරණ 676ක් ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්, “අද රාත්‍රී 8න් පසු දැවැන්ත ප්‍රහාරයක්” මැදපෙරදිග යුද්ධය ගෝලීය ආර්ථිකය අගාධයකට ඇද දමයි දකුණු ලෙබනනයට දරුණු ඊශ්‍රායල ප්‍රහාර හෝමාගම, පැලැන්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක් දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න අසල දරුණු අනතුරක් ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආහාර පාන මිලත් ඉහළට කොළඹට ජල කප්පාදුවක ලකුණු: කලටුවාව ජලය දින 20කට සීමා වෙයි

ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්, “අද රාත්‍රී 8න් පසු දැවැන්ත ප්‍රහාරයක්”

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය අතිශය තීරණාත්මක අදියරකට එළඹෙමින්, ඉරානය “එක රැයකින් විනාශ කළ හැකි” බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය අතිශය තීරණාත්මක අදියරකට එළඹෙමින්, ඉරානය “එක රැයකින් විනාශ කළ හැකි” බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ධවල මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවයි.

තමාට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, අද මධ්‍යම රාත්‍රිය වන විට එරට සියලුම පාලම් සහ බලාගාර විනාශ කර ඉරානය නැවත “ගල් යුගය” කරා ඇද දමන බවට ජනාධිපතිවරයා සපථ කළේය. මින් ඉදිරියට ඉරානයට කිසිදු සහන කාලයක් ලබා නොදෙන බවත්, මෙම මෙහෙයුමට සහය නොදක්වන රටවල් පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.

පැය එකහාමාරකට අධික කාලයක් පැවති මෙම මාධ්‍ය හමුවේදී, ඉරාන ප්‍රහාරයකින් විනාශ වූ අමෙරිකානු යානයක සිටි සෙබළෙකු බේරාගැනීම සඳහා ක්‍රියාත්මක කළ රහසිගත මෙහෙයුම පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. එම මෙහෙයුම අතිශය අවදානම් සහගත වූවක් බවත්, ඒ වෙනුවෙන් දිවි පරදුවට තැබූ සෙබළුන්ට තමාගේ උත්තමාචාරය හිමිවන බවත් ඔහු හැඟුම්බරව ප්‍රකාශ කළේය.

මේ අතර, පකිස්ථානය විසින් ඉදිරිපත් කරන ලද තාවකාලික සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ තාවකාලික විසඳුම් වෙනුවට යුද්ධය ස්ථීර ලෙසම අවසන් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ සඳහා කොන්දේසි 10කින් සමන්විත නව යෝජනාවලියක් ඉරානය විසින් ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.

අද රාත්‍රී 8 වන විට ඉරානය සහ අමෙරිකාව අතර යම් එකඟතාවයක් ඇති නොවන්නේ නම්, ලෝක බලශක්ති සැපයුමට මෙන්ම කලාපීය ආරක්ෂාවට ද බලපෑම් එල්ල වන අතිමහත් විනාශකාරී යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්