සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

ඉරාන උත්තරීතර නායක කමෙනිගෙන් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායල ප්‍රහාරවලට කිසියම් ආකාරයකින් ඇමෙරිකාව සම්බන්ධ වුවහොත් “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදුවන බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි, ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා. බීබීසී

මිතුරන් සමග බෙදාගන්න

ඊශ්‍රායල ප්‍රහාරවලට කිසියම් ආකාරයකින් ඇමෙරිකාව සම්බන්ධ වුවහොත් “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදුවන බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි, ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.

බීබීසී පුවත් සේවය සිදු කරන මැදපෙරදිග යුද්ධය පිළිබඳ සජීවී වාර්තාකරණයේ සඳහන් වන පරිදි, අද (ජූනි 18) ඉරාන රූපවාහිනී මාධ්‍ය නාලිකාවක් හරහා කමෙනි මෙම ප්‍රකාශය සිදු කර ඇත.

“ඉරාන ජාතිකයන් යටත් වන අය නොවේ” යනුවෙන් කමෙනි එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ, “ඉරානය, එහි ජනතාව සහ එහි ඉතිහාසය දන්නා බුද්ධිමත් අය කිසි විටෙකත් මෙම ජාතියට තර්ජන භාෂාවෙන් කතා නොකරති, මන්ද ඉරාන ජාතිකයන් යටත් වන අය නොවන” බවයි.

ඊශ්‍රායලය බරපතළ වැරැද්දක් කර ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් කමෙනි සඳහන් කරනවා. ඉරාන ජාතිය යටත් කර ගත නොහැකි බව ඇමෙරිකානුවන් දැනගත යුතු බවත්, ඔවුන්ගේ පාර්ශ්වයෙන් සිදුවන ඕනෑම මිලිටරි මැදිහත්වීමක් නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

කමෙනි තවදුරටත් කියා සිටියේ, ඉරාන ජාතිකයන් දිවි පිදූවන්ගේ රුධිරය සහ තම භූමියට එල්ල වූ ප්‍රහාරය කිසි විටෙකත් අමතක නොකරන බවයි. ඊශ්‍රායලය තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය කිසි විටෙකත් සමාව නොදෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රකාශය මැද පෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්