සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක බලශක්ති වෙළෙඳපොළේ මිල ගණන් පාලනය කිරීම සඳහා ඉරානයට පනවා ඇති තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක බලශක්ති වෙළෙඳපොළේ මිල ගණන් පාලනය කිරීම සඳහා ඉරානයට පනවා ඇති තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එමඟින් ගෝලීය වෙළෙඳපොළට ලැබෙන තෙල් ප්‍රමාණය ඉහළ නංවා මිල පාලනය කිරීමට අපේක්ෂා කෙරේ.

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් නැව් ගමනාගමනයට සහ තෙල් නිෂ්පාදන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා නිසා ලොව පුරා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම පසුබිම තුළ ඉරානයට එරෙහිව පවත්වාගෙන ආ දැඩි සම්බාධක ලිහිල් කිරීම ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනසක් සනිටුහන් කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

යුද්ධයට පෙර සිටම ඉරානයේ ප්‍රධානතම තෙල් ගැනුම්කරුවා වූයේ චීනයයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඉරානයට පනවා තිබූ සම්බාධක හේතුවෙන් මෙතෙක් කල් චීනය ඉතා ඉහළ වට්ටම් යටතේ ඉරාන තෙල් ලබාගත් බව භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දී තිබේ. ඉරාන තෙල් විකුණුම් සීමා ඉවත් කළහොත් ඉදිරි දින 10ත් 14ත් අතර කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ වැටෙනු ඇති බවට ඔහු ඇස්තමේන්තු කරයි.

පසුගිය සතියේ රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් අත්හිටුවීමට සහ තෙල් සංචිත මිලියන ගණනින් මුදා හැරීමට ඇමෙරිකාව ගත් පියවරවලට අමතරව මෙම නව යෝජනාව ද ඉදිරිපත් කර ඇත. මෙමගින් අපේක්ෂා කරන්නේ ගෝලීය සැපයුම ඉහළ නංවා බලශක්ති අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා දීමයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්