ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ කාන්තාවට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත්, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.
තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව ඊශ්‍රායලයේ Bat Yam ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි. ඇයගේ ආරක්ෂාව සහ අවශ්‍ය සහාය ලබා දීමට තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.