සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ගිලී ගොස් ඇති බව වාර්තා වේ.

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ගිලී ගොස් ඇති බව වාර්තා වේ. මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් දියත් කළ ශ්‍රී ලංකා නාවික හමුදාව, මේ වන විට පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව තහවුරු කරයි.

ඉන්දියාවේ විශාකාපට්නම්හි පැවති ජාත්‍යන්තර නාවික අභ්‍යාසයකට සහභාගී වී යළි ඉරානය බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇත. ඇමෙරිකානු සබ්මැරීනයක සිට නිකුත් කළ ටෝපිඩෝ (Torpedo) ප්‍රහාරයකින් නෞකාව මුහුදුබත් වූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව සතුරු නෞකාවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ ලොව පළමු අවස්ථාව මෙය වන බවයි. “අපි සටන් කරන්නේ දිනන්නයි. කිසිදු සමාවකින් තොරව විනාශකාරී ලෙස ඇමෙරිකාව ජයග්‍රහණය කරනවා,” යැයි පවසමින් ඔහු මෙම ප්‍රහාරය සාධාරණීකරණය කර ඇත.

ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. මේ අතර, ඉතිරි පිරිස සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්