එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි, එරට තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් (Personal Social Media Accounts) නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
මෙම නව නීතිමය පියවර මඟින් වයස අවුරුදු 15ට අඩු දරුවන් අදාළ සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති විවිධ සමූහ (Groups) වෙත ප්‍රවේශ වීම සහ ඒවායේ සාමාජිකයින් වීම ද සම්පූර්ණයෙන්ම වළක්වා ඇත. ළමා සුරක්ෂිතතාව සහ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම දැඩි තීරණය ගෙන ඇති බව වාර්තා වේ.