සිරස්තල
මැදපෙරදිග යුද උණුසුම ක්‍රිකට් පිටියටත් බලපායි තෙල් යුගය අවසන් ද? චීනයේ විද්‍යුත් වාහන විප්ලවය ගැන එලොන් මස්ක්ගෙන් අනාවැකියක් නිට්ටඹුව රණවිරුගම හන්දිය අසලින් හඳුනා නොගත් මළ සිරුරක් හමුවේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ ඇමෙරිකාව ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කරයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අභාවප්‍රාප්ත වෙයි මෙරට බදු පද්ධතියේ දැවැන්ත සංශෝධනයක් දිස්ත්‍රික්ක 4කට හෙට සවස් කාලයේ වැසි මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන මෙහෙයුම් වේගවත් වෙයි රජයේ ඉඩම් සන්තක කරගැනීමට කූට ලේඛන සකස් කළැයි මර්වින් සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා ඉඩම් අයිතිය ජනතාවට පවරන ‘හිමිකම’ ජාතික වැඩසටහන අද ඇරඹෙයි

‘ඔපරේෂන් එපික් ෆියුරි’ ඇමෙරිකාව ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කරයි

ඉරානය ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) දියත් කළ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමේ පළමු පැය 24 තුළ පමණක් එරට ඉලක්ක 1,000කට අධික

මිතුරන් සමග බෙදාගන්න

ඉරානය ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) දියත් කළ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමේ පළමු පැය 24 තුළ පමණක් එරට ඉලක්ක 1,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබේ. 2003 වසරේ සිදුවූ ඉරාක ආක්‍රමණයෙන් පසු මැදපෙරදිග කලාපය තුළ භාවිත කළ විශාලතම ගුවන් බලය මෙහෙයවමින් ඇමෙරිකාව මෙම ප්‍රහාර මාලාව ආරම්භ කර ඇත්තේ පෙබරවාරි 28 වැනිදා පෙරවරුවේ සිටයි.

මෙම දැවැන්ත මෙහෙයුම ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරන ‘රෝරින් ලයන්’ (Operation Roaring Lion) මෙහෙයුම සමඟ ඉතා සමීප සහයෝගීතාවයකින් යුතුව දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සහ බැලිස්ටික් මිසයිල ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවැති ජාත්‍යන්තර සාකච්ඡා එකඟතාවයකින් තොරව බිඳ වැටීම මෙම යුදමය පියවරට මූලික හේතුව වී තිබේ.

විශේෂයෙන්ම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රැඳී සිටින නිශ්චිත ස්ථානය පිළිබඳව ලැබුණු තහවුරු කළ බුද්ධි තොරතුරු මත පදනම්ව මෙම ප්‍රහාර එල්ල කර ඇති බව පැවසේ. ඉරානයේ යුද ශක්තිය සහ මූලෝපායික මධ්‍යස්ථාන අඩපණ කිරීම අරමුණු කරගත් මෙම ඒකාබද්ධ මෙහෙයුම හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා දැඩි යුදමය වාතාවරණයක් නිර්මාණය වී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්