සිරස්තල
ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක්

කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ප්‍රධාන රෝහලක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණු ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට

මිතුරන් සමග බෙදාගන්න

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ප්‍රධාන රෝහලක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණු ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 250කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බිය පළ කෙරේ.

මෙම අමානුෂික ප්‍රහාරය පකිස්ථාන ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද්දක් බවට ඇෆ්ගනිස්ථාන බලධාරීන් සෘජුවම චෝදනා කර සිටියි. සිවිල් වැසියන් රැඳී සිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය එල්ල කරන මෙම චෝදනාව පකිස්ථාන රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. තම රට මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසන පකිස්ථානය, කලාපීය නොසන්සුන්තාවය වැඩි කිරීමට මෙවැනි ප්‍රකාශ හේතු වන බව සඳහන් කරයි. මෙම සිදුවීමත් සමඟ අසල්වැසි රටවල් දෙක අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් පළුදු වී ඇති බව විදේශ විශ්ලේෂකයෝ පවසති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්