සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

කෑගල්ලේ බස් අනතුරක්: 35 දෙනෙකු රෝහල් ගත කෙරේ

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ, දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේදී අද (අගෝස්තු 02) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මිතුරන් සමග බෙදාගන්න

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ, දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේදී අද (අගෝස්තු 02) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරය දක්වා සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ සියලු දෙනා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා. අනතුරට හේතුව සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්