සිරස්තල
කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන් ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවෙන් ඇරයුම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට “ඉරානය සමඟ යුද්ධය දැනටමත් ජයගෙන අවසන්” – ජනපති ට්‍රම්ප්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් ඉරානය සමඟ න්‍යෂ්ටික අවි නොදැරීමේ එකඟතාවකට එළඹෙන ලකුණු

කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv

රුපියල් කෝටි 10කට අධික වීථි වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු

මිතුරන් සමග බෙදාගන්න

රුපියල් කෝටි 10කට අධික වීථි වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම 05.20ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි මොවුන්, ගුවන්තොටුපොළේ “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටතට යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ සැකයට බඳුන් වී ඇත. එහිදී ඔවුන් සතු වූ ගමන් මලු 04ක් පරීක්ෂා කිරීමේදී, ඒවායේ ව්‍යාජ පතුල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය පැකට් 12ක් සොයා ගැනීමට හැකි විය.

රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 476ක් වන අතර එහි මුළු වටිනාකම රුපියල් 104,760,000ක් (දස කෝටි හතළිස් හත්ලක්ෂ හැටදහසක්) බවයි. සැකකරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන පසුව ඉන්දියාව හරහා මෙරටට රැගෙන විත් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 25 සහ 26 හැවිරිදි වියේ පසුවන්නන්ය. ඉන් එක් අයෙකු රෙදි අලෙවිසැලක සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා රියදුරෙකු ලෙස සේවය කරන්නෙකි.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්