සිරස්තල

ගාල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියයයි

ගාල්ල, දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අද

මිතුරන් සමග බෙදාගන්න

ගාල්ල, දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අද පෙරවරු 7.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය තහවුරු කළේය.

පොලිස් වාර්තාවලට අනුව, මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. ඉලක්කගත පුද්ගලයා වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව සැකකරුවන් එම රථයෙන්ම වේගයෙන් පළාගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව වහාම කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වී ඇත.

මෙම වෙඩි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක් ද නැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියක මෙහෙයවීමක් ද යන්න පිළිබඳව ගාල්ල පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ සවිකර ඇති CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ද නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්