ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර විශේෂ හමුවක්

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) විශේෂ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ

මිතුරන් සමග බෙදාගන්න

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) විශේෂ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් අතර නිල හමුවක් ඊයේ (09) පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ගුජරාට් ප්‍රාන්තයේ කැපී පෙනෙන කාර්මික දියුණුව සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පහත ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ:

ගුජරාට් ප්‍රාන්ත රජයේ මැදිහත්වීමෙන් ඓතිහාසික සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීමට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත් වූ අවස්ථාවේදී ඉන්දියාව දැක්වූ ක්ෂණික සහයෝගය ද ඔහු කෘතවේදීව සිහිපත් කළේය.

මෙම වැදගත් රාජ්‍යතාන්ත්‍රික හමුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පහත පිරිස සහභාගී වූහ:

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ් සහ කරුණාතිලන් ඉලන්කුමරන්.

  • අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි.

  • ජවිපෙ ජාත්‍යන්තර කමිටුවේ නියෝජිත නීතිඥ කල්පනා මධුභාෂිනී.

  • මාධ්‍ය ඒකකයේ නියෝජිත හේමතිලක ගමගේ.

ජවිපෙ දූත පිරිස ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලි සහ කේරළ ප්‍රාන්තවල සංචාරය කිරීමට නියමිතය. එහිදී එම ප්‍රාන්තවල මහ ඇමතිවරුන් හමුවීමට අමතරව, ඉන්දියාවේ කෘෂිකාර්මික, කාර්මික සහ නවීන තාක්ෂණික මධ්‍යස්ථාන නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකාවට උචිත සංවර්ධන ආකෘතීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට ද කටයුතු යොදා ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්