ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝට් ආතර් (Port Arthur) හි පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක අද ප්‍රබල පිපිරීමක් සිදුව තිබේ. මෙම අනතුරත් සමඟ ප්‍රාන්ත බලධාරීන් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස (Shelter-in-place) දැඩි නියෝගයක් නිකුත් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරීමේ හඬ කොතරම් ප්‍රබලද යත්, අවට නිවාස පවා සෙලවීමට ලක්ව ඇති බවයි. පිපිරීමත් සමඟ අහස දෙසට යෝධ කළු දුමාරයක් විහිදී යන අයුරු දැකගත හැකි වූ අතර, මේ වන විටත් සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වෙමින් පවතී. වාසනාවකට මෙන්, මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නොමැත.
පිපිරීම හේතුවෙන් වාතයට මුදාහැරී ඇති රසායනික දුමාරය සැලකිල්ලට ගනිමින්, වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි. විශේෂයෙන්ම නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පහත උපදෙස් ලබා දී තිබේ.
නිවෙස්වල සියලුම දොර ජනෙල් වසා තබාගෙන ඇතුළතට වී සිටින්න.
වායුසමීකරණ යන්ත්‍ර (A/C) ක්‍රියා විරහිත කර තබන්න.
ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන්න.
මෙම අනතුර මැදපෙරදිග පවතින බලශක්ති අර්බුදය හමුවේ ඇමෙරිකානු තෙල් නිෂ්පාදනයට කිනම් බලපෑමක් එල්ල කරනු ඇත්දැයි බලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටී.