2025 ඔක්තෝබර් 01 වන දින සිට ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (ජූලි 07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණා.
මෙම නව බදු ප්‍රතිපත්තිය 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතට අනුව ක්‍රියාත්මක වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇති. විශේෂයෙන්, පසුගිය මාස 12ක කාලය තුළ රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ රු. මිලියන 15 ඉක්මවා සේවාවන් සපයා ඇති ආයතන වැට් බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.
බදු අය කෙරෙන ඩිජිටල් සේවා ක්ෂේත්‍ර
18%ක වැට් බදු අනුපාතිකයකට යටත් වන ප්‍රධාන ඩිජිටල් සේවා ක්ෂේත්‍ර පහත පරිදිය:
- E-commerce Services (විද්‍යුත් වාණිජ්‍ය සේවා)
- Cloud Computing (ක්ලවුඩ් පරිගණක සේවා)
- Software as a Service (SaaS) (සේවාවක් ලෙස මෘදුකාංග)
- Cybersecurity Services (සයිබර් ආරක්ෂණ සේවා)
- Digital Marketing & Advertising (ඩිජිටල් අලෙවිකරණය සහ ප්‍රචාරණය)
- IT support & Managed Services (තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණ සේවා)
- Streaming Services (ස්ට්‍රීම්ං සේවා)
- Fin Tech (මූල්‍ය තාක්ෂණ සේවා)
- Subscription & Membership Websites (දායකත්ව සහ සාමාජිකත්ව වෙබ් අඩවි)
- E-commerce Platforms (විද්‍යුත් වාණිජ්‍ය වේදිකා)
- Social Media Platforms (සමාජ මාධ්‍ය වේදිකා)
- On Demand Service Platforms (ඉල්ලුම මත සේවා සපයන වේදිකා)
- Content Sharing Platforms (අන්තර්ගත බෙදාගැනීමේ වේදිකා)
- Cloud Collaboration Platforms (ක්ලවුඩ් සහයෝගීතා වේදිකා)
- Market Place Platforms (වෙළෙඳපොළ වේදිකා)
- Gaming Platforms (ක්‍රීඩා වේදිකා)
- Blockchain & NFT Platforms (බ්ලොක්චේන් සහ NFT වේදිකා)
- Apps for hotel bookings and ticket reservations (හෝටල් වෙන්කිරීම් සහ ප්‍රවේශපත් වෙන්කිරීම් සඳහා වන යෙදුම්)
මෙම නව බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට කෙසේ බලපානු ඇත්දැයි ඉදිරියේදී දැකගත හැකියි.