සිරස්තල
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී හෙට (01) සියලුම වාහන අංක සඳහා ඉන්ධන නිකුත් කෙරේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නැව්වලට ඉරානයෙන් නව බදු පැනවෙයි: ඇමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට තහනමක් ඩුබායි වරායේ නැංගුරම් ලා තිබූ කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක් රජයේ වෛද්‍යවරුන් අද (31) සිට දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක් විදෙස්ගතව සිටි දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් වසර 3කදී මෙරටට අප්‍රේල් 01 සිට විදුලි බිල ඉහළට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අප්‍රේල් 10 දක්වා යළි රිමාන්ඩ් මූල්‍ය වංචා චෝදනා ලැබූ චීන ජාතිකයින් 125ක් විශේෂ යානයකින් මෙරටින් පිටුවහල් කෙරේ

ඩුබායි වරායේ නැංගුරම් ලා තිබූ කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක්

ඩුබායි වරාය පරිශ්‍රයේ නවතා තිබූ කුවේට් රජයට අයත් දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මිතුරන් සමග බෙදාගන්න

ඩුබායි වරාය පරිශ්‍රයේ නවතා තිබූ කුවේට් රජයට අයත් දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවට සැලකිය යුතු හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අදාළ නෞකාව බොරතෙල්වලින් පිරී තිබීම හේතුවෙන් එහි ඇතුළත දරුණු ගින්නක් හටගෙන ඇත. කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ ගිනි නිවන ඒකක මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් වේ.

ප්‍රහාරයෙන් නෞකාවට හානි සිදුවුවද, එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව සිටින බව තහවුරු කර තිබේ. කිසිදු ජීවිත හානියක් වාර්තා නොවීම සහනදායී තත්ත්වයක් බව බලධාරීහු පවසති.

මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග මුහුදු සීමාවේ පවතින ආරක්ෂක තත්ත්වය තවදුරටත් දැඩි වී තිබේ. පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති ප්‍රවාහනයට එල්ල වන මෙවැනි තර්ජන පිළිබඳව ලෝක බලවතුන්ගේ දැඩි අවධානය යොමු වී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්