පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම ගොනු කර ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ එහි ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.