සිරස්තල
මැදපෙරදිග යුද උණුසුම ක්‍රිකට් පිටියටත් බලපායි තෙල් යුගය අවසන් ද? චීනයේ විද්‍යුත් වාහන විප්ලවය ගැන එලොන් මස්ක්ගෙන් අනාවැකියක් නිට්ටඹුව රණවිරුගම හන්දිය අසලින් හඳුනා නොගත් මළ සිරුරක් හමුවේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ ඇමෙරිකාව ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කරයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අභාවප්‍රාප්ත වෙයි මෙරට බදු පද්ධතියේ දැවැන්ත සංශෝධනයක් දිස්ත්‍රික්ක 4කට හෙට සවස් කාලයේ වැසි මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන මෙහෙයුම් වේගවත් වෙයි රජයේ ඉඩම් සන්තක කරගැනීමට කූට ලේඛන සකස් කළැයි මර්වින් සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා ඉඩම් අයිතිය ජනතාවට පවරන ‘හිමිකම’ ජාතික වැඩසටහන අද ඇරඹෙයි

තෙල් යුගය අවසන් ද? චීනයේ විද්‍යුත් වාහන විප්ලවය ගැන එලොන් මස්ක්ගෙන් අනාවැකියක්

චීනය ඉතා වේගයෙන් සූර්ය බලශක්තිය සහ විද්‍යුත් බලශක්තිය මත පදනම් වූ අනාගතයක් කරා පරිවර්තනය වෙමින් පවතින බව ටෙස්ලා (Tesla) ප්‍රධානී එලොන් මස්ක් පවසයි. සිය ‘X’

මිතුරන් සමග බෙදාගන්න

චීනය ඉතා වේගයෙන් සූර්ය බලශක්තිය සහ විද්‍යුත් බලශක්තිය මත පදනම් වූ අනාගතයක් කරා පරිවර්තනය වෙමින් පවතින බව ටෙස්ලා (Tesla) ප්‍රධානී එලොන් මස්ක් පවසයි. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රවණතාවය හේතුවෙන් ෆොසිල ඉන්ධන (තෙල් සහ ගෑස්) සඳහා ලෝකයේ පවතින ඉල්ලුම ඉදිරියේදී බෙහෙවින් අවම වනු ඇති බවයි.

නවතම නිල දත්ත වාර්තාවලට අනුව, චීනයේ භාවිත වන සමස්ත වාහන සංඛ්‍යාවෙන් 12%ක්ම මේ වන විට විද්‍යුත් වාහන (EV) කාණ්ඩයට අයත් වේ. මෙය ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, 2025 වසරේදී එරට ඉන්ධන අලෙවිය 5.7% කින් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයා වන චීනය මෙලෙස හරිත බලශක්තිය දෙසට යොමුවීම, ගෝලීය උණුසුම පාලනය කිරීමට මෙන්ම සාම්ප්‍රදායික ඉන්ධන මත පදනම් වූ ආර්ථික රටාවන් වෙනස් කිරීමට ද ප්‍රබල හේතුවක් වනු ඇතැයි මස්ක් වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්