සිරස්තල
දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක් විදෙස්ගතව සිටි දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් වසර 3කදී මෙරටට අප්‍රේල් 01 සිට විදුලි බිල ඉහළට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අප්‍රේල් 10 දක්වා යළි රිමාන්ඩ් මූල්‍ය වංචා චෝදනා ලැබූ චීන ජාතිකයින් 125ක් විශේෂ යානයකින් මෙරටින් පිටුවහල් කෙරේ ඉරාන තෙල් සහ කාග් දූපත පාලනයට තමන්ට හැකියාව ඇති බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් ගණේමුල්ලේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කොටුවේ ඔස්ට්‍රේලියාවෙන් ඉන්ධන බදු සහනයක් ඇමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක් තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට

දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක්

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කර

මිතුරන් සමග බෙදාගන්න

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මෙම උපදෙස් යොමු කර ඇත.

පවතින උණුසුම් තත්ත්වය මත සිසුන්ට ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එම නිවේදනයේ සවිස්තරාත්මකව දක්වා තිබේ.

අධික රස්නය හේතුවෙන් ප්‍රධාන වශයෙන් තත්ත්වයන් තුනක් ඇතිවිය හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි:

මස්පිඬු පෙරලීම (Heat Cramps): දහදිය දැමීම නිසා විජලනය වී අත් පා හෝ උදරයේ මස්පිඬු වේදනාව ඇතිවීම. මෙවැනි විටෙක සිසිල් ස්ථානයක විවේක ගනිමින් සෑම විනාඩි 15කට වරක්ම ජලය වීදුරු භාගය බැගින් පානය කළ යුතුය.

අධික මහන්සිය (Heat Exhaustion): අධික ලෙස දහදිය දැමීම, ක්ලාන්තය සහ අප්‍රාණික බව මෙහි ලක්ෂණයි. මෙහිදී ද සිසිල් ස්ථානයක විවේකය, ජලය පානය සහ ශරීරය තෙත මාත්තු කිරීම හෝ ස්නානය කිරීම කළ යුතුය.

ආඝාත තත්ත්වය (Heat Stroke): මෙය වඩාත් දරුණු තත්ත්වයකි. ශරීර උෂ්ණත්වය සහ නාඩි වේගය අධික ලෙස වැඩිවීම, සිහිමද ගතිය, වලිප්පුව හෝ සිහිසුන් වීම මෙහිදී සිදුවේ. එවැනි අවස්ථාවක වහාම 1990 සුවසැරිය හෝ ළඟම රෝහලේ ගිලන් රථ සේවාව අමතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.

උෂ්ණත්වය අධික දිනවල සිසුන් එළිමහන් ක්‍රීඩා හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. විශේෂයෙන්ම:

  • විවේක කාලයේදී දැඩි හිරු එළියට නිරාවරණය වීම වැළැක්විය යුතුය.

  • ජලය පානය සඳහා අමතර කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසුය.

  • පන්ති කාමරවල දොර ජනෙල් විවෘතව තබා වාතාශ්‍රය හොඳින් ලැබීමට සැලැස්විය යුතුය.

  • ටකරන් වහල සහිත හෝ අධික රස්නය සහිත කාමර පවතී නම්, සිසුන් තාවකාලිකව වෙනත් ස්ථානයකට මාරු කළ යුතුය.

සිසුන්ගේ පහසුව සඳහා නිල ඇඳුමට අදාළ ලිහිල් කිරීම් කිහිපයක් ද යෝජනා කර ඇත. ඒ අනුව, අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය (Necktie) නොපැළඳීම හෝ එහි ගැටය ලිහිල් කර තැබීමට අවසර හිමිවේ. බඳ පටි පැළඳීම ද හැකිතාක් අවම කළ යුතුය.

සිසුන් එළිමහනට යන විට කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කිරීම, තද වර්ණ වෙනුවට ලා පැහැති කපු ඇඳුම් ඇඳීම සහ නිවසින් පිටවන සෑම විටකම උණුකර නිවාගත් ජලය සහිත වතුර බෝතලයක් රැගෙන යාම අනිවාර්ය වේ. ජලය වෙනුවට තැඹිලි හෝ කුරුම්බා වැනි ස්වභාවික පාන වර්ග භාවිතය සුදුසු වුවත්, සීනි අධික පැණි බීම භාවිත නොකරන ලෙස ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්