”දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මා ඔයේ ජල පහරට ගසාගෙන ආ උණ පඳුරු සහ ගස් මුල් මා ඔය පාලමේ සිරවී තිබීම නිසා, එම සුන්බුන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් හෙට (07) දින සිදු කිරීමට නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය තීරණය කර ඇත.
ඒ අනුව හෙට උදෑසන 08.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ මෙම පවිත්‍රතා කටයුතු සිදු කෙරෙන බැවින්, එම කාලසීමාවේදී මා ඔය පාලම මතින් ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.