සිරස්තල
ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක් “ලොකු පැටී”ගේ කෝටි 30ක මුදල් ගැවසී ඇති කපු මහතාගේ බැංකු ගිණුම් ගැන CIDයෙන් දැඩි පරීක්ෂණ ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ යුද නෞකාව කොළඹට හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (22) දහවල් 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මඟින් දන්වා සිටී.

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (22) දහවල් 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මඟින් දන්වා සිටී. විශේෂයෙන්ම නිරිතදිග සහ අභ්‍යන්තර ප්‍රදේශවල වැසි සහිත කාලගුණය වැඩි වශයෙන් දක්නට ලැබෙනු ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතී.

දිවයිනේ නැඟෙනහිර සහ දකුණු වෙරළබඩ කලාපයේ, එනම් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

මීට අමතරව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, කළුතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතුය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්