සිරස්තල
දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය

දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි

පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස රජයේ සේවකයින් සඳහා ප්‍රකාශයට පත් කළ විශේෂ බදාදා නිවාඩුව අද (18) සිට ක්‍රියාත්මක වේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

මිතුරන් සමග බෙදාගන්න

පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස රජයේ සේවකයින් සඳහා ප්‍රකාශයට පත් කළ විශේෂ බදාදා නිවාඩුව අද (18) සිට ක්‍රියාත්මක වේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම මෙම නිවාඩුව බලපැවැත්වෙන බවයි. පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම නිවාඩුව අදාළ වන අතර, පෞද්ගලික උපකාරක පන්ති ද අද දිනයේ පවත්වා නොගන්නා ලෙස රජය ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත්, මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන සහ රේගුව යන අංශ සඳහා මෙම නිවාඩුව අදාළ නොවන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද දිනයේ ක්‍රියාත්මක විශේෂ නිවාඩුව හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව අද දිනයේ ධාවනය වන්නේ සෙනසුරාදා දිනවලට නියමිත දුම්රිය කාලසටහන පමණි. මාර්ග කිහිපයක සැලසුම් කර ඇති ගමන් වාර සංඛ්‍යාව මෙසේය:

මුහුදුබඩ මාර්ගය: ගමන් වාර 33

ප්‍රධාන මාර්ගය: ගමන් වාර 29

උතුරු දුම්රිය මාර්ගය: ගමන් වාර 17

පුත්තලම මාර්ගය: ගමන් වාර 09

මඩකලපුව සහ ත්‍රිකුණාමල මාර්ග: ගමන් වාර 06

කැලණිවැලි මාර්ගය: ගමන් වාර 05

දුම්රිය සේවා සීමා වුවද, ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) පවසන්නේ දිවයින පුරා බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි. මගී අවශ්‍යතා අනුව ඇතැම් කාලසටහන් සුළු වශයෙන් සංශෝධනය කර ඇති අතර, ඕනෑම අවස්ථාවක අමතර බස් රථ යෙදවීමට සූදානම් බව ලංගම ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉන්ධන පිරිමසා ගැනීම සඳහා රජය ගත් මෙම තීරණය හේතුවෙන් අද දිනයේ කොළඹ ඇතුළු තදාසන්න නගරවල රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව නිරීක්ෂණය වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්