සිරස්තල
මැදපෙරදිග යුද උණුසුම ක්‍රිකට් පිටියටත් බලපායි තෙල් යුගය අවසන් ද? චීනයේ විද්‍යුත් වාහන විප්ලවය ගැන එලොන් මස්ක්ගෙන් අනාවැකියක් නිට්ටඹුව රණවිරුගම හන්දිය අසලින් හඳුනා නොගත් මළ සිරුරක් හමුවේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ ඇමෙරිකාව ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කරයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අභාවප්‍රාප්ත වෙයි මෙරට බදු පද්ධතියේ දැවැන්ත සංශෝධනයක් දිස්ත්‍රික්ක 4කට හෙට සවස් කාලයේ වැසි මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන මෙහෙයුම් වේගවත් වෙයි රජයේ ඉඩම් සන්තක කරගැනීමට කූට ලේඛන සකස් කළැයි මර්වින් සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා ඉඩම් අයිතිය ජනතාවට පවරන ‘හිමිකම’ ජාතික වැඩසටහන අද ඇරඹෙයි

නිට්ටඹුව රණවිරුගම හන්දිය අසලින් හඳුනා නොගත් මළ සිරුරක් හමුවේ

නිට්ටඹුව, රණවිරුගම හන්දිය ආසන්නයේ තිබී හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව නිට්ටඹුව

මිතුරන් සමග බෙදාගන්න

නිට්ටඹුව, රණවිරුගම හන්දිය ආසන්නයේ තිබී හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.

මියයන විට මොහු වයස අවුරුදු 60ත් 65ත් අතර පසුවූ අයෙකු වන අතර, උස අඩි 5යි අඟල් 3ක් පමණ වේ. මියගිය අවස්ථාවේ ඔහු සුදු පැහැති ඉරි සහිත සරමක් හැඳ සිට ඇති අතර මුහුණ පුරා වැවුණු රැවුලක් සහිතව සිටි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දේහය මේ වන විට වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්