සිරස්තල
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දිගු නිවාඩුවකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අද (16) ගනුදෙනු ආරම්භ කළ අතර කොටස් මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක

මිතුරන් සමග බෙදාගන්න

දිගු නිවාඩුවකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අද (16) ගනුදෙනු ආරම්භ කළ අතර කොටස් මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68 කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙස වාර්තා වුණා.

S&P SL20 දර්ශකය ඒකක 29.95 කින් වර්ධනය වී ඒකක 4,644.49 ක් ලෙස සටහන් වුණා.

කොටස් මිල දර්ශක ඉහළ ගියත්, අද දවසේ ගනුදෙනු පිරිවැටුම පසුගිය දිනවලට සාපේක්ෂව ඉතා අඩු මට්ටමකයි පැවතුණේ.

අද දවසේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 792 ක් ලෙස වාර්තා වුණා.

දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 781ක් සහ දේශීය විකුණුම් රුපියල් මිලියන 730ක් ලෙසයි සටහන් වුණේ.

විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 11ක් වැනි ඉතා අඩු අගයක පැවති අතර, විදේශීය විකුණුම් රුපියල් මිලියන 61ක් ලෙස වාර්තා වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්