සිරස්තල
අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක්

නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දිගු නිවාඩුවකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අද (16) ගනුදෙනු ආරම්භ කළ අතර කොටස් මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක

මිතුරන් සමග බෙදාගන්න

දිගු නිවාඩුවකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අද (16) ගනුදෙනු ආරම්භ කළ අතර කොටස් මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68 කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙස වාර්තා වුණා.

S&P SL20 දර්ශකය ඒකක 29.95 කින් වර්ධනය වී ඒකක 4,644.49 ක් ලෙස සටහන් වුණා.

කොටස් මිල දර්ශක ඉහළ ගියත්, අද දවසේ ගනුදෙනු පිරිවැටුම පසුගිය දිනවලට සාපේක්ෂව ඉතා අඩු මට්ටමකයි පැවතුණේ.

අද දවසේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 792 ක් ලෙස වාර්තා වුණා.

දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 781ක් සහ දේශීය විකුණුම් රුපියල් මිලියන 730ක් ලෙසයි සටහන් වුණේ.

විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 11ක් වැනි ඉතා අඩු අගයක පැවති අතර, විදේශීය විකුණුම් රුපියල් මිලියන 61ක් ලෙස වාර්තා වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්