ව්‍යාජ ලේඛන සකස් කරමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ රථවාහන ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීත්‍යානුකූල ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටියදී මොවුන් කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් රථවාහන අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳව එම කොට්ඨාසය සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.
මීගහවත්ත සහ කඳාන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සමඟම විවිධ වර්ගයේ වාහන 07ක් පොලිස් භාරයට ගෙන ඇත. ඒ අතරට:
මෝටර් රථ 03ක්
ජීප් රථ 02ක්
ලොරි රථයක්
යතුරුපැදියක් ඇතුළත් වේ.
අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 21, 39 සහ 44 යන වයස්වල පසුවන කඳාන සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කර තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෙම ජාවාරමට සම්බන්ධ වෙනත් පුද්ගලයින් හෝ ව්‍යාජ ලේඛන සකස් කරන මධ්‍යස්ථාන පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරයි.