සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ වැදගත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, මෙය

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ වැදගත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, මෙය මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් බවයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම මඟින් ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම මනාව පෙන්නුම් කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල තවත් සාර්ථක පියවරක් ලෙස මෙය සැලකිය හැකියි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, ජපානය සහ ඉන්දියාව සමඟ නිල ණය හිමිකම කමිටුවේ සම-සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේදී ප්‍රංශ ජනරජය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවයි. ප්‍රංශයේ මෙම සහයෝගය, ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගැනීමට මහත් රුකුලක් වී තිබෙනවා.

මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වීමටත්, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගය තහවුරු කිරීමටත් මඟ පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්