දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (14) පස්වරුවේ සිට ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.
කාලගුණ වාර්තාවන්ට අනුව අද පස්වරු 1.00න් පසුව පහත සඳහන් පළාත් සහ දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී:
පළාත්: බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත.
දිස්ත්‍රික්ක: බදුල්ල සහ නුවරඑළිය.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පහත පියවර අනුගමනය කරන ලෙසයි:
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි හෝ ජලාශ අසල රැඳී සිටීමෙන් වළකින්න, රූපවාහිනී, පරිගණක වැනි විදුලි උපකරණ විදුලි පද්ධතියෙන් විසන්ධි කර තබන්න, ගිගුරුම් සහිත වැසි පවතින විට බයිසිකල්, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න, උස ගස් හෝ විදුලි රැහැන් අසල රැඳී සිටීම අනතුරුදායක විය හැකියි.
අකුණු සහ වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අස්ථාවර ඉදිකිරීම් හෝ ගස් අතු කඩා වැටීම පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී ඇත.