සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක්

මෝටර් රථ සඳහා භාවිත කරන අංක තහඩු නියමිත ප්‍රමිතියට අනුකූල නොවන්නේ නම්, එම වාහන වහාම පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය අවධාරණය

මිතුරන් සමග බෙදාගන්න

මෝටර් රථ සඳහා භාවිත කරන අංක තහඩු නියමිත ප්‍රමිතියට අනුකූල නොවන්නේ නම්, එම වාහන වහාම පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය අවධාරණය කරයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා මේ බව අනාවරණය කළේය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා වාහන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, වරදකරු වන වාහන හිමියන්ට රුපියල් 15,000 සිට 25,000 දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති රීති අනුව වාහනයක අංක තහඩු තිබිය යුතු ආකාරය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා යළිත් සිහිපත් කළේය,

ඉදිරිපස අංක තහඩුව: සුදු පැහැති පසුබිමක කළු පැහැති අකුරු සහ ඉලක්කම් තිබිය යුතුය.

පසුපස අංක තහඩුව: කහ පැහැති පසුබිමක කළු පැහැති අකුරු සහ ඉලක්කම් තිබිය යුතුය.

වර්තමානයේ බොහෝ වාහන හිමියන් විවිධ වර්ණ, අකුරු මාදිලි (Fonts) සහ විසිතුරු ආකෘති භාවිත කරමින් අංක තහඩු වෙනස් කිරීමට පෙළඹී ඇති බව පොලීසිය නිරීක්ෂණය කර තිබේ. මෙලෙස අංක තහඩු වෙනස් කිරීම නිසා පැනනගින ගැටලු කිහිපයක් පොලීසිය පෙන්වා දෙයි,

  1. මාර්ග අනතුරක් සිදුවූ විට වාහනය හඳුනාගැනීම අපහසු වීම.

  2. අපරාධ සඳහා භාවිත කරන වාහන හඳුනාගැනීමට බාධා එල්ල වීම.

  3. මාර්ග ආරක්ෂිත කැමරා (CCTV) පද්ධති මඟින් අංක තහඩු නිවැරදිව කියවීමට නොහැකි වීම.

පසුගිය කාලසීමාව තුළ නව වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් පැවති බව පිළිගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එම ගැටලුව ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු යොදා ඇති බව ද පැවසීය. එතෙක් තාවකාලිකව භාවිත කරන අංක තහඩු ද නියමිත ප්‍රමිතියට සහ පැහැදිලිව පෙනෙන ලෙස සකස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්