වසර ගණනාවක් උසස් තත්ත්වයේ අලංකාර සාරි පාරිභෝගිකයන්ට සමීප කළ කොළඹ ප්‍රමුඛතම ඇඳුම් වෙළඳසැලක් වන Prenita Fashions, ඊයේ (26) දින සිට ‘Prenita Chic’ නමින් නව්‍යකරණය වූ No 22, තර්ස්ටන් පාර, කොළඹ 03 යන පරිශ්‍රයේ නැවත විවෘත විය.
1970 දශකයේ දී නීතා ප්‍රනාන්දු මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආනයනික සාරි වෙළඳසැලක් ලෙස ආරම්භ කරන ලද Prenita Fashions, ඉන්පසුව ඇයගේ දියණිය වන වත්මන් කළමනාකාර අධ්‍යක්ෂිකා ප්‍රියන්ති ප්‍රනාන්දු මහත්මියගේ නායකත්වය යටතේ මෙරට විලාසිතා ලෝකයේ ප්‍රධාන ස්ථානයක් ලෙස පැවතුණි.
නව නාමය යටතේ ආරම්භ වූ Prenita Chic වෙළඳසැල, උසස් තත්ත්වය සහ විශිෂ්ටත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, නවීන විලාසිතා ප්‍රවණතාවලට ගැළපෙන අති නවීන සහ අනර්ඝ කාන්තා ඇදුම් එකතුවක් සමඟ පාරිභෝගිකයන්ට දොරටු විවෘත කළේය.
මෙම නව ආරම්භය සමඟ, Prenita Chic තවදුරටත් අලංකාරවත්, සුවිශේෂී සහ නවීන පන්නයේ කාන්තා ඇදුම් විලාසිතා පාරිභෝගිකයන් වෙත ගෙන ඒමට සූදානම් වේ.