සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවක්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නොවැම්බර් මාසයේදී දින තුනක් පුරා විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව කථානායකවරයා අද (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙම පරීක්ෂාව නොවැම්බර් 4,

මිතුරන් සමග බෙදාගන්න

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නොවැම්බර් මාසයේදී දින තුනක් පුරා විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව කථානායකවරයා අද (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙම පරීක්ෂාව නොවැම්බර් 4, 6 සහ 7 යන තෙදින තුළදී සිදු කිරීමට නියමිතය.

කථානායකවරයා සඳහන් කළේ, මෙම පරීක්ෂණයේදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බවයි.

විශේෂයෙන්ම නොවැම්බර් 7 වන සිකුරාදා දිනට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද පරීක්ෂාවට ලක් කෙරේ. ඒ සඳහා:

  • මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කෙරේ. (අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලැබේ.)
  • මන්ත්‍රීවරුන් සඳහා උපදෙස්: එදිනට රියදුරෙකු සමඟ පැමිණෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
  • රථවාහන සීමා: එදිනට පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින්, මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන වෙනත් රථගාල් වෙත යොමු කෙරේ.
  • විශේෂ රථවාහන සැලැස්ම: එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්