සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවට සම්බන්ධයි’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් සහ එම ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින් පාර්ලිමේන්තු උසස්

මිතුරන් සමග බෙදාගන්න

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් සහ එම ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවට පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් කරුණු දක්වමින් සඳහන් කළේ, ඊයේ (ඔක්තෝබර් 08) දින උසස් නිලතල කාරක සභාව වෙත තමන් කළ කැඳවීමට අනුව පෙනී සිටි බව සත්‍ය වුවද, “පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ” බවයි.

තවද, සංසරණය වන එම පුවත සත්‍යයෙන් තොර පුවතක් බවත්, එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු අවධාරණය කර තිබේ

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මීට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මෙවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් මහජනතාව සත්‍ය තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්