සිරස්තල
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇප ලබා සිටි සැකකරුවන් පිරිසකට නිදහස

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සහයෝගය දැක්වූ බවට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු (පිරිමි දස දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්) නිදහස් කරන ලෙස

මිතුරන් සමග බෙදාගන්න

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සහයෝගය දැක්වූ බවට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු (පිරිමි දස දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්) නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළා.

මෙම සැකකරුවන් පිළිබඳ විමර්ශන සිදු කළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ පරීක්ෂණ අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම නඩුව අවසන් කිරීමට කටයුතු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව, අදාළ සැකකරුවන් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී පොලිසිය භාරයට ගත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ නැවත ඔවුන් වෙත ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව, එම භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්