සිරස්තල
අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට මාරක ප්‍රහාරයක් නේටෝවෙන් ඉවත් වීමේ සූදානමක්? ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී හමුව උණුසුම් වෙයි

පෘතුගාලය සතු ලාංකීය ඉපැරණි උරුමයන් යළි මෙරටට

පෘතුගීසි පාලන සමයේදී මෙරටින් රැගෙන ගිය පෞරාණික සහ ඓතිහාසික වටිනාකම් සහිත දෑ නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මූලික අධ්‍යයනයක් සිදුකිරීමට පෘතුගාල රජයේ එකඟතාව හිමිව තිබේ.

මිතුරන් සමග බෙදාගන්න

පෘතුගීසි පාලන සමයේදී මෙරටින් රැගෙන ගිය පෞරාණික සහ ඓතිහාසික වටිනාකම් සහිත දෑ නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මූලික අධ්‍යයනයක් සිදුකිරීමට පෘතුගාල රජයේ එකඟතාව හිමිව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට සංචාරයක නිරත පෘතුගාල විදේශ අමාත්‍ය පාවුලෝ රේන්ජල් (Paulo Rangel) මහතා අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති නිල සාකච්ඡාවකදී මෙම තීරණාත්මක එකඟතාවට එළඹ ඇත.

ශ්‍රී ලංකාව සතු එම ඓතිහාසික උරුමයන් යළි මෙරටට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාව පිළිගත හැකි සාධාරණ ඉල්ලීමක් බව පෘතුගාල විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, දෙරට අතර දැනට පවතින සංස්කෘතික ගිවිසුම බලාත්මක කරමින්, අදාළ කටයුතු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙරටේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් කඩිනමින් පිහිටුවීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකිකයන්ට පෘතුගාල වීසා ලබාගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. දැනට පවතින ක්‍රමවේදය අනුව නවදිල්ලියට යාමට සිදුවීමෙන් පැන නැගී ඇති අපහසුතා මගහරවා ගැනීම සඳහා සහනදායී යාන්ත්‍රණයක් සකස් කරන ලෙස විජිත හේරත් මහතා කළ ඉල්ලීමට පෘතුගාල අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර හිමි වූ අතර, ඒ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදීමට ද ඔහු පොරොන්දු විය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්