සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

‘පොඩි ලැසී’ දිවයිනට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා අද (27) අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී

මිතුරන් සමග බෙදාගන්න

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා අද (27) අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.

මෙරටට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එරටට පිටත්ව ගොස් තිබුණි. ඒ අනුව අද අලුයම කටුනායක ගුවන්තොටුපළ හරහා ඔහු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙරටට රැගෙන එනු ලැබීය.

දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට මොහු සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීම හරහා දැනට මෙරට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ ජාලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්